Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

ඩෙංගු රෝගීන්ගේ සියයට 70 ක අඩුවීමක්

පසුගිය වසර කිහිපය හා සැසදීමේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් මේ ව‍සරේ දක්නට ලැබෙන බව වාර්තා වේ.

2018 වසරේ ගත වූ කාලය තුළ මෙම තත්ත්වය දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කරන්නේ, එම අඩුවීම සියයට 70 ක අගයක් ගන්නා බවයි.

පසුගිය දිනවල ඇදහැලුනු වැසි හේතුවෙන් පුත්තලම, මඩකළපුව සහ කල්මුණේ යන ප්‍රදේශවල රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබිණ. ලබන මස 7, 8, 9 යන තෙදින ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් දිවයින පුරා දියත් කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා පළාත් පාලන ආයතන, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.