Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමේ A - වර්ගීකරණයට

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම (A) වර්ගීකරණයට ලක්වේ. කොමිසම විසින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, ඒවා වර්ධනය කිරීමටත් ගත් උත්සාහය අගය කරමින් ගෝලීය මානව හිමිකම් සංවිධාන එකමුතුව විසින් මේ වර්ගීකරණය ලබා දී ඇත.

එම ආයතනය මානව හිමිකම් සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල මානව හිමිකම් වර්ධනය, ඒවා ආරක්ෂා කිරීම වැනි ක්‍රියාවලියට ආධාර ලබා දේ. ප්‍රංශයේදී මෙය ක්‍රියාත්මක වන්නේ, මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ලොව සියලුම රටවල එකඟ වූ ප්‍රතිපත්ති මාලාවට අනුවය.

එම ආයතනය විසින් විවිධ රටවල ක්‍රියාත්මක මානව හිමිකම් ආයතන වර්ගීකරණය කිරීම සඳහා අනුකමිටුවක් පත්කර ඇත. එම අනුකමිටුව ජිනීවාහිදී මැයි මස 14 - 18 යන කාලය තුළ හමුවී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට A කාණ්ඩයේ ස්ථානය ලබාදීමට සුවිශාල ක්‍රියාදාමයකින් පසුව තීරණය කර තිබේ.