Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

ජී - 8 සංවිධානයට ආපසු එක්වීමේ අදහසක් නැතැයි රුසියාව කියයි

ජී - 8 සංවිධානයට ආපසු එක්වීම සඳහා ඉල්ලීමක් කර නොමැති බව රුසියාව පවසයි. රුසියානු විදේශ ඇමති Sergei Lavlov මහතා 9 වැනි දින මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.

බටහිර පාර්ශවයන් ජී අට සංවිධානයෙන් බැහැරව ජී හත සංවිධානයෙහි රැඳී සිටීමේ තීරණය රුසියාව පිළි ගෙන ඇති බව හෙතෙම පැවසීය. රුසියාව, ශංහයි සහයෝගිතා සංවිධානය, BRICS සංවිධානය විශේෂයෙන් ම ජී 20 සංවිධාන රාමුව තුළ යහපත් ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව Lavlov මහතා පෙන්වා දුන්නේය.

පසුගිය දා ජී හත සංවිධානයේ නායක සමුළුට එක් වූ ඇමරිකානු ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කළේ ජී හත සංවිධානයට නැවත රුසියාව බඳවා ගත යුතු බවයි. ඒ පිළිබඳව රුසියාව ප්‍රකාශ කර ඇත්තේ වෙනත් ආකාර සහයෝගිතාවන් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් සිටින බවයි.