Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

ස්පාඤ්ඤ කැබිනට් මණ්ඩලයයෙන් තුනෙන් දෙකක් කාන්තාවන්

ස්පාඤ්ඤයේ අලුතින් පත්වූ අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්ෂේස් මහතාගේ කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩු 17න් 11කටම පත්කර ඇත්තේ කාන්තාවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පෙද්රෝ සැන්ෂේස් ගේ සමාජවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන දේශපාලනඥයෙකි. ස්පාඤ්ඤයේ නව අගමැතිවරයා ලෙස පෙඩ්‍රෝ සැන්චෙස් තේරී පත්වුණේ අගමැතිවරයා ලෙස කටයුතු කළ මරියානෝ රාජෝයිට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාශභංගයෙන් ඔහු පරාජයවීමෙන් පසුවයි.

නව කැබිනට් මණ්ඩලයට උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළත් කරගැනීම පිළිබඳවත් සැන්චෙස් අවධානය යොමුකර තිබුණි. ඔහුගේ අමාත්‍ය මණ්ඩලය තුළ විද්‍යා අමාත්‍ය ධූරය හිමිව ඇත්තේ ගගනගාමියෙක්ටයි. මේ අතර අධිකරණ අමාත්‍යධූරය සඳහා තේරී පත් වී ඇත්තේ ජිහාඩ් ප්‍රහාර විභාග කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන රජයේ නීතිඥවරයෙක්. එමෙන්ම පරිසර අමාත්‍ය ධූරය සඳහා තෝරා පත්කර ඇත්තේ දේශගුණික විපර්යාස සම්මුතියේ ගවේෂිකාවක්  වීම විශේෂත්වයක්.


මේ අනුව යුරෝපයේ සෙසු රටවල් අතර කැබිනට් මණ්ඩලයට වැඩිම කාන්තා නියෝජනයක් ලබා දෙන්නේ ස්පාඤ්ඤයයි. ආරක්ෂක, ආර්ථික, මූල්‍ය සහ අධ්‍යාපන වැනි ඉතා වැදගත් කේෂ්ත්‍රවලට කාන්තා දේශපාලනඥවරියන් පත්කොට තිබේ. ස්පාඤ්ඤයේ කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා ද ඇතුලුව 18 දෙනෙකුගෙන් සමන්විතය.

නව පත් කිරීම් සමග එහි කාන්තා ප්‍රතිශතය සියයට 61.1 ක් වේ. ස්පාඤ්ඤ ඉතිහාසයේ ද කාන්තාවන් වැඩිම සංඛ්‍යාවක් කැබිනට් මණ්ඩලයට පත්කළ පළමු අවස්ථාව මෙය වේ. අවම වශයෙන් ලොව රටවල් අතලොස්සක පමණක් මෙලෙස කාන්තා නියෝජනය සියයට 50ක් ඇමති මණ්ඩලය තුළ දක්නට ලැබේ. ඒ අතර ප්‍රංශය,ස්වීඩනය සහ කැනඩාව විශේෂිත වේ.