Social Icons

facebookrss feedemailtwitter

Friday, June 8, 2018

ආමාශයෙන් කිලෝ 8 ක ප්ලාස්ටික් බෑග්

තායිලන්තයේ දකුණු දිග සොන්ග්ලා පළාතේ ඇළ මාර්ගයකදී මියගිය තල්මසකුගේ ආමාශයේ තිබී ප්ලාස්ටික් බෑග් 80ක් හමුවූ බව තායි නාවුක බලධාරීහු පවසති. මෙම ප්ලාස්ටික් තොගයේ බර කිලෝග්‍රෑම් අටක් පමණ වේ.


ආහාර ගැනීමට ආමාශයේ ඉඩ නොමැති වීමෙන් සතා මියගොස් ඇති බව පැවසේ. සංරක්ෂණ නිලධාරීන් විසින් සතා බේරාගැනීමට ප්‍රයත්න දරන අවස්ථාවේ ප්ලාස්ටික් බෑග් පහක් වමනය දමා ඇතැයි පැවසේ. මියගිය තල්මසා ගැහැණු සතකු වන අතර අපහසුවෙන් පිහිනමින් සිටියදී සංරක්ෂණ නිලධාරීන්ට හමුවී ඇත.

තායිලන්තයේ ජනයා ප්ලාස්ටික් බෑග් විශාල වශයෙන් පරිහරණය කරන අතර රජය විසින් මේ සම්බන්දව බද්දක් පැණවීමට යන බව පසුගිය මාසයේ නිවේදනය කළේය. තායිලන්තයේ මුහුදු ජීවීන් සිය ගණනක් ප්ලාස්ටික් ආහාරයට ගැනීම හේතුවෙන් වසරකට මියයන බව මාධ්‍ය වාර්තා කර ඇත.