Social Icons

facebookrss feedemailtwitter

Friday, June 8, 2018

ෂංහයි සහයෝගිතා සංවිධානය

ආරම්භක සාමාජික රටවල් 6 කින් බිහිවී අද වන විට රටවල් 18කින් සමන්විත මහ පවුලක් බවට පත්ව ඇත.

චින් දාඕ සමුළුව ශංහයි සහයෝගිතා සංවිධානයේ ‍සංවර්ධන ඉතිහාසයේ කඩඉමක් වනු ඇතැයි එම සංවිධානයේ මහ ලේකම්වරයා පවසයි. ගෙවී ගිය වසර 17 තුළ ශංහයි සහයෝගීතා සංවිධානයේ සංවර්ධන සංකල්ප හා ඉලක්ක සැලසුම් යනාදි ක්ෂේත්‍රවල චීනය විශාල කාර්යභාරයක් ඉටු කර ඇතැයි, එහි මහ ලේකම් Rashid Alimov මහතා සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේය.

ශංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් හා නිරීක්ෂණ රටවල්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල් ය.

2013 වසරේ පැවති ශංහයි සහයෝගීතා සංවිධානයේ අස්ටානා සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සේද මාවතේ ආර්ථික තීරය ගොඩ නැගීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ ය. එම යෝජනාව ශංහයි සහයෝගිතා සංවිධානයට විශාල සංවර්ධන අවස්ථා ගෙන දී තිබේ. එපමණක් නොව එය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ අදාළ රටවල් උපාය මාර්ගික වශයෙන් සම්බන්ධ වන වැදගත් වේදිකාවක් බව Rashid Alimov මහතා පවසයි.  එළඹෙන චින් දාඕ සමුළුව සිය සංවිධානයට චීන ජනාධිපතිවරයාගේ යෝජනාව වඩාත් ක්‍රියාවට නංවාලීමට උපකාරී වන බව ශංහයි සහයෝගිතා සංවිධානයේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.