Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

BC ආකෘති පත්‍ර පුරවා ග්‍රාම නිලධාරීවරයාට බාර දෙන්න

ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමට අදාල B.C ආකෘති පත්‍ර නිවැරැදිව පුරවා හැකි ඉක්මනින් ග්‍රාම නිලධාරිවරුන් වෙත බාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.

ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ මෙම ආකෘති පත්‍ර ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව සියයට 90 ක් පමණ අදාල ආකෘති පත්‍ර බෙදැහැරිම් අවසන් කර ඇති අතර එවා නිවැරැදිව පුරවා හැකි ඉක්මනික් යලි ග්‍රාම නිලධාරිවරුන් වෙත ලබා දෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දේ.