ජපානයේ ගිෆූහී 10 වැනි දින නිමාවට පත්වූ වයස අවුරුදු 20න් පහළ ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ආසියා කනිෂ්ඨ වාර්තාවක් සමග ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනියි.
එය ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය වේ. වසර 2012 දී කොළඹ පැවැති ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා තිබීම මෙතෙක් පැවැති හොඳම ප්‍රතිඵලය වේ.
ආසියාවේ රටවල් 15ක් කුමන හෝ පදක්කමක් දිනා තිබූ අතර ශ්‍රී ලංකාව මෙවර පස්වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ජපානය රන් 14ක්, රිදී 15ක් හා ලෝකඩ 13ක් දිනා පෙරමුණේ පසුවූ අතර, චීනය රන් 11ක් රිදී 8ක් හා ලෝකඩ 4ක් දිනා දෙවැනි තැනට පත්විය. රන් 5ක්, රිදී 2ක් හා ලෝකඩ 10ක් දිනාගත් ඉන්දියාව තෙවැනි ස්ථානයේ හා රන් 4ක්, රිදී 5ක් හා ලෝකඩ 4ක් දිනාගත් චීන තායිපේ පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයේ පසු වූහ. ශ්‍රී ලංකාවට පසුපසින් කටාරය, ඉරනය, ඉන්දුනීසියාව, ඉරාකය, කොරියාව හා කසකස්තානය වැනි රටවල් වූහ.