Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

මයිකල් ජැක්සන්ගේ අපූරු විජ්ජාව

ජැක්සන්ගේ නර්ථන විලාසය තුළ ඔහු යම් අවස්ථාහී අංශක 45 කින් ඉදිරියට නැඹුරු වේ.

එය සාමාන්‍යය පුද්ගලයකුට ලෙහෙසියෙන් කළ නොහැක. මෙම අත්හදා බැලීම මුල්වරට සිදු කළේ 1987 වසරේ නිකුත් කළ ගීතයකට අදාළවයි. කෙසේවුවත් මේ පිළිබඳව විද්‍යාඥයින් ඔහුගේ මරණින් පසු පර්යේෂණ සිදු කර තිබේ.

ඒ ස්නායු ශල්‍ය විශේෂඥවරයකුගේ ප්‍රධානත්වයෙන් තිදෙනෙකුගෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින්.


ඔවුන් එහිදී පවසා සිටියේ හොඳින් පුහුණු වූ නර්ථන ශිල්පියෙකුට ද මෙලෙස ඉදිරියට යොමු විය හැක්කේ අංශක 25 ත් - 30 ත් අතර ප්‍රමාණයක් බවයි. පසුව අනාවරණය වී ඇත්තේ ජැක්සන් පැළඳු විශේෂ සපත්තු යුගලයක් නිසා මෙය සිදු කළ හැකි වූ බවයි. ඒ එහි සවි කර ඇති විශේෂ උපකරණයක් මගින් බව අනාවරණය විය.