Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 7, 2018

ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබේ.



ගිනිකන්දෙන් පිටවන ලාවා අවට ගම්මාන වෙත ගලා ඒමෙන් නිවාස විශාල ප්‍රමාණයක් ද විනාශවී ඇති බව සඳහන්. එසේම ගිනි කන්දෙන් පිටවන අළු සහ දුමාරය හේතුවෙන් එරට ලාඅවුරෝරා ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට වසා දමා තිබේ. මේ අතර රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ග්වාතමාලා ජනාධිපති ජිමී මොරාලෙස් පියවර ගෙන ඇත.