Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 7, 2018

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළට

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 678 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සියයට 35 යි දශම 5 කින් වර්ධනය වී ඇති බවයි මහ බැංකුව පවසයි.