Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 10, 2018

චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රථම මිත්‍රත්ව පදනම රුසියානු ජනපතිට පිරිනැමේ

චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම රුසියානු ජනාධිපති වැලැදමීර් පුටින් මහතාට  පිරිනැමේ.

08 වැනි දින පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම සුවිශේෂී පදක්කම පිරිනැමීමේ උත්සවය පැවැත්විණ.

චීන මහජන සමූහාණ්ඩුවේ මිත්‍රත්ව පදක්කමෙන් චීනයේ ඉහළ ම රාජ්‍ය ගෞරවය සංකේතවත් වේ. චීන සමාජවාදී සංවර්ධනය සහ ලෝක සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශිෂ්ට සේවය ඉටු කළ විදේශිකයන්ට මෙම පදක්කම පිරිනැමේ. චීන - රුසියානු සම්බන්ධතාව වර්ධනය කිරීම සඳහා වැලැදමීර් පුටින් මහතා විශිෂ්ට සේවයක් ඉටු කර ඇති බවත් ඉහළ ගුණාත්මක චීන-රුසියානු සබඳතාව ලෝක සාමය හා සංවර්ධනයට ප්‍රබල පිටුබලයක් සපයා ඇති බවත් ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී කියා සිටියේ ය. වැලැදිමීර් පුටින් මහතාට පිරිනැමූ මෙම මිත්‍රත්ව පදක්කමෙන් චීන ජනතාවගේ ගෞරවය මෙන් ම දෙරටේ පවතින ගැඹුරු මිත්‍රත්වය සංකේතවත් වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.