Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 10, 2018

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

රටවල් 163ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට මෙවර 67 වන ස්ථානය හිමිව ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 13කින් ඉදිරියට පැමිණිමක් වෙයි.

සාමකාමී රටවල් අතර දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ. කලාපයේ සාමකාමී රට බවට මෙවරත් පත්ව ඇත්තේ භූතානයයි. අඛණ්ඩව 10 වැනි වසරටත් ලොව සාමකාමී රට බවට අයිස්ලන්තය පත්ව ඇති අතර නවසීලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය, පළමු රටවල් 05 අතරට අයත් වෙයි.

අඛණ්ඩව පස්වන වරටත් ලෝක සාම දර්ශකයේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ සිරියාවයි. එක් එක් රටවල සමාජ සුබසාධනය හා ආරක්ෂාව, අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගැටුම්  ආදී කරුණු 23ක් සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාම දර්ශකය සෑම වසරකම ප්‍රකාශයට  පත් කෙරෙයි.