Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 5, 2018

රොහින්ග්‍යා සරණාගතයින් භාරගැනීමට මියන්මාරය සූදානම්

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඛීනේ ප්‍රාන්තයේ පැවති ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයක් පමණ වන රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් සියලුදෙනා භාරගැනීමට තම රට සූදානම් බව, මියන්මාරය ප්‍රකාශ කරයි.



එරට ජාතික ආරක්ෂක උපදේශක තාවුන් තුන් මේ බව කියා සිටියේ සිංගප්පූරුවේ පැවැත්වෙන ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුවට එක්වෙමිනි. රොහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් ජගත් සංවිධානය මියන්මාර රජයට චෝදනා කරන අතර, ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා බංග්ලාදේශය සහ මියන්මාරය අතර පසුගිය ජනවාරි මාසයේ ගිවිසුමක් ද අත්සන් කෙරිණ.