Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 5, 2018

රාජ්‍ය ආදායම සියයට 8 කින් ඉහළට‍

මෙරට රාජ්‍ය ආදායම් පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 469.1 ක් ලෙස සියයට 8 කින් වර්ධනය වී ඇත. කෙසේ නමුත් මෙහිදී බදු ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 2 කින් පමණි.

බදු නොවන ආදායම් මෙම කාලය තුළ දෙගුණයකින් ඉහළ යාමද විශේෂත්වයකි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්ධන මිල අඩුකිරීමත් සමඟ රජයේ ප්‍රධාන ආදායමේ අඩුවීමක් දක්නට ලැබිණ. එම මිල නිවැරදි කිරීමත් සමඟ යළි ආදායම ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබේ. ඉන්ධන මිල සූත්‍රය යටතේ මාසිකව රුපියල් බිලියන 5 ක අමතර ආදායමක් රජය අපේක්ෂා කරන බව ද සඳහන්වේ.