Social Icons

facebookrss feedemailtwitter

Friday, June 8, 2018

නීති විරෝධීව විදේශ රැකියා සඳහා පිටත්ව යන්නන්ට එරෙහිව දැඩි පියවර

නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට එරෙහිව දැඩි පියවර ගන්නා බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

විදේශ රැකියාවල නිරතව සිටියදී මිය ගිය පුද්ගලයින් සඳහා වන්දි ලබාදීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති උත්සවයකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ස්වභාවික හේතු සහ වෙනත් හේතු නිසා මිය ගිය පුද්ගලයින් විසි දෙදෙනෙක් සඳහා මෙහිදී වන්දි පිරිනැමිණ. ඒ අනුව දේශීය රක්ෂණ අරමුදල්වලින් රුපියල් ලක්ෂ හැටක මුදලක් සහ විදේශීය රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ දහයක් ලෙස රුපියල් ලක්ෂ හැත්තෑවක වන්දි මුදලක් පිරිනමා ඇත.