Social Icons

facebookrss feedemailtwitter

Friday, June 8, 2018

ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා යුරෝපයේ සංචාරයක

ඉරානයේ න්‍යෂ්ටික සැලැස්ම තහනම් කිරීමේ අරමුණෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා යුරෝපයේ නිල සංචාරයක් අරඹයි.

මෙහිදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යන රටවල නායකයන් සමග මැදපෙරදිග තත්වය හා ඉරාන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරනු ඇති. ඉරානයට න්‍යෂ්ටික ආයුධ ලබා ගත නොහැකි බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා යළිත් එම රටවල් තුනට ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වේ. එසේම ඉරානය මැදපෙරදිග කලාපයේ විශේෂයෙන්ම සිරියාවේ කටයුතු තහනම් කිරීම පිළිබඳව ද, සිරියාවේ ඉරාන හමුදා ඉලක්කවලට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.