Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 10, 2018

සිංගපූරුවේදී සිදු කෙරෙන හමුවේ සාර්ථකත්වය අනුව උතුරු කොරියානු නායකයාට ඇමරිකාවේ සංචාරයක්

සිංගප්පූරුවේදී තමන් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායකයාට වැඩිදුර සාකච්ඡා සදහා අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකාවේ සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සමඟ ධවල මන්දිරයේදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබේ. උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා තමා වෙත එවන ලද පෞද්ගලික ලිපිය අතිශයින් ම සුන්දර සහ උණුසුම් එකක් බව පැවසු ඩොනල්ඩ් ට්‍රම්ප් එය ඉහළින් අගය කර තිබේ.

දෙපාර්ශ්වයේ අවධානයට ලක් කරුණු විසදා ගතහොත් ද්විපාර්ශවීය සබඳතා සාමාන්‍ය තත්වයට පත්වනු දැකීම තම කැමැත්ත බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසීය. උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව දැඩි පීඩනයක් එල්ල කළ බව පැවසු ඩොනල්ඩ් ට්‍රම්ප් එම පීඩනය යළි එල්ල කිරීම සාකච්ඡාවල ප්‍රගතිය මත තීරණය වන බව ද සඳහන් කළේය.ඔහු පැවසුවේ සිංගප්පූරුවේ පැවැත්වෙන සාකච්ඡා සදහා තමන් පුර්ණ සුදානමකින් පසුවන බවයි. 

එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමට සිදු කළ දෙය සිදුකරන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. නමුත් ඔහු පැවසුවේ තමන් එවැනි දෙයක් අපේක්ෂා නොකරන බවයි. මෙහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ උතුරු කොරියා හා අමෙරිකා නායක සාකච්ඡා සාර්ථක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.