Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 10, 2018

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන නව සාමාජිකයින් තෝරා ගැනීමට සූදානම්

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන නව සාමාජික රටවල් තෝරා ගැනීමට සූදානම් වෙයි.

72 වැනි එක්සත් ජාතීන්ගේ මහා ‍සම්මේලනයේ සභාපතිවරයාගේ ප්‍රකාශක Brenden Varma මහතා 7 වැනි දින ප්‍රකාශ‍ කළේ මේ වසර අගදී නිල කාලය අවසන් වන ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල් 5 වෙනුවට නව සාමාජික රටවල් 5ක් තෝරා ගන්නා බවයි.

බෙල්ජියම, ජර්මනිය, ඩොමිනිකන් ජනරජය, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව හා මාලදිවයින ඊට සහභාගි වන බව හෙතෙම පැවසීය. බොලීවියාව, ඉතියෝපියාව, කසක්ස්ථානය, නෙදර්ලන්තය හා ස්වීඩනය වෙනුවට නව සාමාජික රටවල් 5ක නිල කාලය ලබන ජනවාරි මස පළමු වනදා සිට ආරම්භ වෙයි.