Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 12, 2018

චීන සමාගම් සමග තොරතුරු හුවමාරු කරගත් බව මුහුණු‍පොත පිළිගනියි

ගිවිසුමකට අනුව චීන සමාගම් සමග තොරතුරු හුවමාරු කරගත් බව ෆේස් බුක් සමාගම් පිළිගෙන ඇති අතර එම සමාගම් අතර ඇමෙරිකාවේ බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියන සමාගම්ද වෙයි.

මෙම ගිවිසුම් මගින් චීන සමාගම්වලට මුහුණු ‍පොත භාවිත කරන්නන්ගේ තොරතුරු ලබාගෙන තමාට අවශ්‍ය ආකාරයෙන් මුහුණු ‍පොත හරහා ඔවුන් සමග සම්බන්ධ වීමට හැකිවෙයි.

මෙසේ එකතු කරගත් තොරතුරු මුහුණු‍පොත භාවිතා කරන්නන්ගේ සර්වරයන්හි නොව ජංගම දුරකථනයන්හි තැන්පත් වන බව ෆේස් බුක් සමාගම පවසයි. තම සාමාජිකයන්ගේ තොරතුරු අවභාවිතා කරන ආකාරය ගැන දැනටම මුහුණු ‍පොතට දැඩි ලෙස චෝදනා එල්ලවෙමින් පවතියි. 2009 සිට චීනයේ මුහුණු ‍පොත අවහිර කොට ඇති නමුත් නැගී එන වෙළෙඳ‍පොල ආක්‍රමණය කිරීම සඳහා ෆේස්බුක් සමාගම වෙනත් උපක්‍රම භාවිත කරමින් සිටියි.