Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 12, 2018

පිලිපීන අගමැති විවාහක කතකගේ දෙතොල සිපගනී

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යනු ලොව සිටින ආන්දෝලනාත්මකම රාජ්‍ය නායකයෙකි. මේ වනවිට ඔහු නැවතත් තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් නිසා දැඩි දෝෂාරෝපනයකට ලක් වෙමින් සිටියි.

මෙම සිද්ධිය නම් ඔහු එක්තරා සභාවක් අමතමින් සිටින අතර සභාවේ සිටි කාන්තාවක් වේදිකාව මතට කැඳවා දෙනෝදාහක් ඉදිරියේ ඇයගේ දෙතොල් සිප ගැනීමේ සිද්ධියකි. මෙයට දින කිහිපයකට පෙර මෙම අසාමාන්‍ය සිදුවීම සිදුවූයේ පිලිපීන ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතර ය. ඊට විරෝධය දක්වන පිලිපීන කාන්තාවන්ට විරෝධය දැක්වීම සදහා ඔහු ආරාධනා කර තිබේ. ඒ විරෝධය දක්වන අත්සන් එකතු කිරීමෙනි. ඒ අනුව සිය අගමැති ධූරයෙන් ඉවත්වීමට ද ඔහු සූදානම් බව පැවසේ.