Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 5, 2018

ඉතාලි රජයෙන් රතු නිවේදනයක්

ඉතාලියේ දැනට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින්ට සහ අනවසර ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ඉතාලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා අවධාරණය කරයි.

ඉතාලියේ දැනට අනවසරයෙන් රැදී සිටින්නන්ට ආපසු තම රටවලට යාම සඳහා ගමන් මළු සුදානම් කර ගන්නා ලෙසද මත්තේයෝ සැල්විනි මහතා පැවසීය. මධ්‍යධරණි මුහුදේ නවතා ඇති අනවසර බෝට්ටු සහ සංක්‍රමණිකයින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් නෞකාවලට ඉතාලියේ වරායන්ට ඇතුළු වීමද සපුරා තහනම් කරන බවද හෙතෙම පැවසීය.