Social Icons

facebookrss feedemailtwitter

Monday, June 11, 2018

චින්ග් දාඕ නායක සමුළුවේදී එකඟතා රැසක්

ශංහයි සහයෝගිතා සංවිධානයේ චින්ග් දාඕ නායක සමුළුව පුළුල් එකඟතාවන්ට එළඹ ඇති බව චීන ජනාධිපතිවරයා පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සංවිධානයේ සාමාජික රටවල නායකයන් සමඟ මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය. ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල හා නිරීක්ෂක රටවල නායකයන් සහ අදාළ ජාත්‍යන්තර හා කලාපීය සංවිධානවල නිලධාරින් වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න සම්බන්ධයෙන් ගැඹුරින් අදහස් හුවමාරු කොට පුළුල් එකඟතාවන්ට එළඹ තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

විවිධ රටවල නායකයන් ඉන්දියාව හා පාකිස්ථානය ශංහයි සහයෝගිතා සංවිධානයට ඇතුළත් වීමෙන් පසු ලබා ගෙන ඇති නව වර්ධන ප්‍රතිඵල ප්‍රශංසා කර තිබේ. ඔවුහු “ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායක පාලක මණ්ඩලයේ චින්ග් දාඕ ප්‍රකාශනය”සහ“වෙළෙඳ පහසුකරණය පිළිබඳ ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායක ඒකාබද්ධ නිවේදනය” යනාදී ලිපි ලේඛන පළ කළහ.