Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

ඓතිහාසික ගිවිසුමකට ට්‍රම්ප් - කිම් අත්සන් කරයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තොසා දූපතේ හෝටලයක පැවැති අතර එය අවසන්ව ඇත්තේ,

කොරියානු කලාපයෙන් න්‍යෂ්ටික අවි ඉවත් කරන බවට උතුරු කොරියානු නායකයා ලබාදුන් ප්‍රතිඥාවක් ඇතුළත් ගිවිසුමකට දෙරටෙහි රාජ්‍ය නායකයන් අත්සන් කිරීමත් සමගය.

ඊට පිළිතුරු ලෙස කොරියානු කලාපයේ ඇමරිකාව විසින් සිදුකළ යුද අභ්‍යාස නතර කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. බලයේ සිටින ඇමරිකානු ජනපතිවරයෙක් උතුරු කොරියානු නායකයකු හමුවූ පළමු අවස්ථාව මෙය වේ. සාකච්ඡා වලින් පසු තම උපදේශකයින් සමග දෙදෙනා දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි වී තිබිණි.


හමුවෙන් පසුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ද ආරාධනා කර තිබේ. මෙම ඓතිහාසික හමුව සිංගප්පූරු වේලාවෙන් 12 වැනි දින උදෑසන 9.00ට ආරම්භ වූ අතර, නායකයින් දෙදෙනාගේ පෞද්ගලික හමුවෙන් පසු දෙරටේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්විණ. ඉන්පසු ඇමරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු නායකයා අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී.