Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 989 මූල්‍ය පහසුකම් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි. මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර නව මුල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම් කටයුතු තවදුරටත් කඩිනම් කෙරෙන බවයි.