Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

රාමසාන් දිනය අද

පුරා මාසයක් ආරක්ෂා කළ උපවාස ශීලය නිමා කරමින් ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද 15 රාමසාන් දිනය සමරති.

උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුව නව සඳ දැකීමෙන් අනතුරුව උදාවන දිනයේදී රාමසාන් දිනය මෙලෙස සැමරෙයි. ලෝකවාසී ඉස්ලාම් බැතිමත්හු මෙම දිනය සමානාත්මතාවේ දිනය ලෙසද හඳුන්වති.


සහජීවනය, පරිත්‍යාගය හා ආත්ම දමනය මෙම කාලසීමාවේ කැපී පෙනෙන ගුණාංගවේ. ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙම දිනය සැමරෙයි. රාමසාන් සමයේදී දිළිඳුන්ට උපකාර කරමින්, උපවාසයේ හා යාඥාවේ නිරතවීම ඉස්ලාම් බැතිමතුන්ගේ සිරිතය.