Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 10, 2018

ෂැන්හයි සහයෝගිතා සංවිධානය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනයට රුකුලක් - පාකිස්ථාන ජනපති

ෂැන්හයි සහයෝගිතා සංවිධානය “එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළේ සංවර්ධනයට රුකුලක් වනු ඇතැයි පාකිස්ථාන ජනාධිපතිවරයා පවසයි.

පාකිස්ථාන ජනාධිපති Mamnoon Hussain මහතා ඒ බව පැවසුවේ චීනයේ ඡිංදාඕ නගරයේ පැවැත්වීමට නියමිත ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානීන්ගේ සමුළුවට එක් වීම සඳහා පිටත් වීමට පෙර ඉස්ලාමාබද් නගරයේදී මාධ්‍ය හමු වූ අවස්ථාවේදීය.

එම සංවිධානය මගින් කලාපීය සාමය, සුරක්ෂිතතාව සහ සමාජයීය හා ආර්ථික වර්ධනයට ඉමහත් වැදගත්කමක් හිමි වන බව ඔහු කියා සිටියි.  ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ පුරෝගාමී ව්‍යාපෘතියක් වශයෙන් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය ප්‍රගතීන් ලබමින් පවතී. පාකිස්ථානය සහ ෂැන්හයි සහයෝගිතා සංවිධානය අතර වෙළෙඳ, මායිම් හරහා ප්‍රවාහන සහ බලශක්ති කොරිඩෝවක් ගොඩනැගීම පාකිස්ථානයේ යෝජනාවක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.