Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2018 ජූනි මස පැවැත්වීමට සංවිධානය කරන ලද සියලු විභාග නියමිත පරිදි පැවැත්වෙන අතර පවතින තැපැල් වර්ජනය හේතුවෙන් සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයෙකුහට ප්‍රවේශපත්‍ර නොලැබුණ ද විභාගය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් නම් පහත සඳහන් දුරකථන අංක වලින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාවෙන් විමසන මෙන් දැනුම් දීමක් කර ඇත.

දුරකථන අංක 011 2785230/011 277075 ෆැක්ස් අංක 011 2784232 තවද අදාළ විභාග සඳහා ඊට පෙනී සිටින අයදුම්කරුවන්හට විභාග දිනය හා විභාග මධ්‍යස්ථාන සඳහන් කෙටි පණිවිඩයක් අයදුම්පත්‍රයේ සඳහන් දුරකථනයට ලැබෙනු ඇති බවත්, මේ දිනවල අයදුම්පත්‍ර කැඳවා ඇති විභාග සඳහා විභාග ගාස්තු ගෙවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පහසුකම් සලසා ඇති බවත් දන්වා තිබේ.