Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

චීනයේ නවතම චන්ද්‍රිකාව Gaofen - 6

චීනයේ Gaofen - 6 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ. එය චීනයේ චියුචුවාන් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේදී සිට ලොංමාර්ච් අංක 2C ප්‍රවාහන රොකට්ටුව මගින් ගුවන්ගත කෙරිණ.

Gaofen - 6 චීනයේ පළමු ඉහළ නිරවද්‍යතාවයක් සහිත කෘෂිකාර්මික අධීක්ෂණ චන්ද්‍රිකාවක් ලෙස සැළකේ. චීනයේ කෘෂිකර්ම නිෂ්පාදන, වනාන්තර රෝපනය, තෘණභූමි පිළිබඳව අධීක්ෂණ ධාරිතාව යහපත්ව ක්‍රමාණුකූලව මැන බැලීමෙන් ඒවායේ ඉහළ සාර්ථකත්වය ලබා ගැනීම මෙම චන්ද්‍රිකාවෙන් අපේක්ෂා කෙරේ.