Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

චීන ජනාධිපති ෂී ජිං පින් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා අතර එකඟතාවන් රැසක්

චීනයේ චින්ග් දාඕ නගරයේ පැවති ෂංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවේදී චීන ජනාධිපති ෂී ජිං පින් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා බොහෝ එකඟතාවන්වලට එළඹී බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Gengshuang මහතා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. දෙරටේ සබඳතාව වර්ධන වීමේ ප්‍රවණතාව අගය කිරීම හා ආරක්ෂා කිරීම, දෙරටේ සබඳතාව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද දෙරටේ නායකයන් එකඟතාවට පැමිණ තිබේ.

උසස් පෙළේ හුවමාරු පවත්වා ගැනීම, විවිධ කේෂෟත්‍රවල හුවමාරු ශක්තිමත් කිරීම, නව වෙළඳ ඉලක්කයන් සැකසීම හා දෙරටේ විදේශ අමාත්‍යවරුන් ප්‍රධානත්වයෙන් උසස් පෙළේ මානව හුවමාරු ක්‍රමය ගොඩනැගීම පිළිබඳ දෙපාර්ශ්වය කැමැත්ත දක්වා තිබේ. මේ වර චීන ජනාධිපති ෂී ජිං පින් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතාගේ හමුව දෙරටේ සබඳතාව අඛණ්ඩව හා ස්ථීර ලෙස සංවර්ධනය වීමට උපකාරී වන බව Gengshuang මහතා පැවසීය.