Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 12, 2018

සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි ; අවසන් කටයුතු (11)

සාහිත්‍යවේදියකු, තිර කතා රචකයකු, චිත්‍ර කතා රචකයකු හා ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සෝමවීර සේනානයක මහතා (09) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 74 වන වියේ පසු වූ ඒ මහතා 1944 නොවැම්බර් 25දා උපත ලැබීය. ඔහු ලියු මවකගේ ගීතය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අතර පසුව එම නවකතා ටෙලි නාට්‍ය ලෙසද ඉතා ජනප්‍රියත්වයට පත්විය.  අවසන් කටයුතු ජුනි මස 11 වැනි දින සවස 5.30ට මහරගම, ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරිණ.