Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

චීනයේ සහායෙන් මෙරට කෘත්‍රීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ වියළි කාලාපීය ප්‍රදේශවල කෘත්‍රීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවලට කෘත්‍රීම වැසි ඇති කරන අතර එමගින් කෘෂි කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට නියමිතය.

අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ චීනය සමග සම්බන්ධ වෙමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවයි. මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල කෘත්‍රීම වැසි ඇති කිරීමේ අධ්‍යයනයක් පසුගිදා සිදු කෙරිණ. ඒ, තායිලන්ත විශේෂඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් තායිලන්තයේ සංචාරය කිරීමට නියමිත බවයි.