Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

අගමැති නවාස් ෂරීෆ්ට වසර 10 ක සිරදඬුවමක්

දූෂණ සහ මුල්‍ය වංචා රැසකට චෝදනා ලැබ වරදකරුවුණු පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට, දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි.

අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු බිරිය සහ දියණිය මීරියම් ද සමඟ ෂරීෆ් එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටී. ලන්ඩනයේ නවාස් ෂරීෆ්ට අයත් නිවසක් ද ඇත. ඉස්ලාමාබාද් නුවර මහාධිකරණයේ නඩු විභාගය පැවැත්වෙද්දී නවාස් ෂරීෆ් අධිකරණයේ පෙනී නොසිටියේය.

අවසන් තීන්දුව ලබා දුන්නේ ද ෂරීෆ් නොමැතිවය. තමන් තම සිරදඬුවමට බියක් නොදක්වන බවත්, ඊට මුහුණදීමට යළි පාකිස්තානය බලා පැමිණෙන බවත් ෂරීෆ් මාධ්‍ය හමුවේ පවසා ඇත. කෙසේ නමුත් ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ, ඔහු කිසිදු වරදක් කර නොමැති බවය.