අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය යටතේ ප්‍රාදේශීය කාර්යාල 12ක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ එම ප්‍රාදේශීය කාර්යාලවලින් පහක් උතුරු පළාත තුළ ද තුනක් නැගෙනහිර පළාත තුළ ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි. අනෙක් කාර්යාල හතර සෙසු පළාත්වල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව සාලිය පීරිස් මහතා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් සඳහන් කළේය. එම ප්‍රාදේශීය කාර්යාල සඳහා නව කාර්යය මණ්ඩලයක් බඳවා ගැනීමට ද නියමිතයි.
යුද්ධයට පෙර සහ පසු කාලවල අතුරුදන්වූවන් සම්බන්ධ පැමිණිලි 13,000ක් පමණ ග්‍රාමනිලධාරීන් වෙත ලැබී ඇති අතර එල්.එල්.ආර්.සී. පිටිපන සහ මනෝරි මුත්තෙට්ටුවේගම යන කොමිෂන් සභා වාර්තා අනුව ඒවා පිළිබඳ සොයා බැලීමේ කටයුතු අතුරුදන්වුවන්ගේ කාර්යාලය ආරම්භ කර තිබේ.