Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

පාකිස්ථාන චන්ද්‍රිකා දෙකක් උඩුගුවනට යැවීමට චීනයේ සහය

පාකිස්ථානය වෙනුවෙන් චීනය චන්ද්‍රිකා දෙකක් කක්ෂගත කරයි. චීනයේ Long March -2C රොකට්ටුවේ ආධාරය ඇතිව මෙම චන්ද්‍රිකා දෙක කක්ෂගත කර ඇත්තේ, වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා මධ්‍යස්ථානයේදීය.

එම චන්ද්‍රිකා දෙක PRSS -1 සහ Pak TES - 1A ලෙස හැඳින්වේ. PRSS -1 යනු චීනයේ පළමු වන දෘෂ්‍ය දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවය. පසුව පකිස්ථානයට අලෙවිකරණ ලද එය චීන අභ්‍යාවකාශ තාක්ෂණය පිළිබඳ චීන විද්‍යා ඇකඩමිය විසින් නිර්මාණය කරන ලද්දකි.

Pak TES - 1A චන්ද්‍රිකාව පකිස්ථානය විසින් සංවර්ධනය කරන ලද විද්‍යාත්මක අත්හදා බැලීමේ චන්ද්‍රිකාවකි. ඉදිරියේදී ශාකවල ඇතිවිය හැකි රෝග හා කෘමි හානි, ස්වාභාවික විපත්, කෘෂිකර්මික පර්යේෂණ, නාගරික ඉදිකිරීම් යන කේෂ්ත්‍රවල අධීක්ෂණය සඳහා මෙම චන්ද්‍රිකා භාවිතා කළ හැකිවේ. මෙය ලෝන්ග් මාර්ච් හී 279 වැනි මෙහෙයුම ලෙස සැළකේ.