Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සෘජු ආයෝජන ඉහළට

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවයි.

මේ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා ඇත. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත් වේ. එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයකි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “Construction Expo” ඉදිකිරීම් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. චීනයේ ලියෝනිංග් ප්‍රාන්තයේ වාණිජ දෙපාර්තමේන්තු ප්‍රධානී ක්‍යු වැංලියංග් (Kyu Wanliang) මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ “ශ්‍රී ලංකාව චීනයේ ඉතා වැදගත් වෙළෙඳ හවුල්කරුවෙකු වන බවයි. ශ්‍රී ලංකාව චීනයේ “එක තීරයක් - එක මාවතක්” සංකල්පය යටතේ යහපත් වෙළෙඳ සන්ධිස්ථානයක් ද වේ. ඒ අනුව මෙම වර්ෂයේ පළමු මාස 05 තුළ ශ්‍රී ලංකාව හා චීනයේ ලියෝනිංග් ප්‍රාන්තය අතර සිදු වු මුළු වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක් වන බව ඒ මහතා පවසා සඳහන් කරයි.