Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

2018 වසරේ නිවාස වැඩපිළිවෙළට මිලියන 10,000ක්

“ආදර්ශ ගම්මාන” ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ 2019 දෙසැම්බර් මස අවසන් වන විට නිවාස 2500ක් ඉදිකිරීම රජය අපේක්ෂා කෙරේ.

ජාතික නිවාස වැඩපිළිවෙළ සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 10,000ක් වැය කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා සදහන් කර සිටී. රුපියල් මිලියන 3000ක මුදලක් උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙන් කර තිබේ.

එමෙන්ම ආදර්ශ ගම්මාන 875ක ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ. ඉන් නිවාස ගම්මාන 90ක් මේ වන විට ජනතා අයිතියට පත් කර ඇත. 2015 වසරේ සිට ජාතික නිවාස වැඩපිළිවෙල හරහා පුද්ගලයින් 275,000 කට සෙත සලසා ඇතැයි ද පලන්සූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දේ.