Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

2018 ලෝක නීතිය හා සාම දර්ශකයේ ලොව ආරක්‍ෂිතම රට සිංගප්පූරුව

2018 ලෝක නීතිය හා සාමය දර්ශකය අනුව ලොව ආරක්‍ෂිතම රට ලෙස සිංගප්පූරුව නම් කර ඇත.

වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයන් 148,000 ක්‌ සහභාගී කර ගෙන මෙම සමීක්‍ෂණය සිදු කර තිබේ. ඇමරිකානු ආයතනයක්‌ මගින් රටවල් 142 ක ජනතාව සහභාගී කර ගනිමින් සිදුකර ඇති අතර, ඒ රටවල ජීවන තත්ත්වය, ප්‍රතිපත්ති, නීතිරීති, ආරක්‍ෂාව, අපරාධ ප්‍රමාණය ආදිය මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

එහිදී මුල් ස්‌ථාන 10 දිනාගත් රටවල් අතර පළමුව සිංගප්පූරුව, දෙවනුව නෝර්වේ, තුන්වෙනුව අයිස්‌ලන්තය පිලිවෙළින් පින්ලන්තය, උස්‌බෙකිස්‌තානය, හොංකොං, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව, ඉන්දුනීසියාව හා ඩෙන්මාර්කය ඒ අතර වේ.