Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ඩොලර් මිලියන 50 ක ආධාරයක්

දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය ප්‍රතිපත්තියේ ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීණ තාක්ෂණික යටිතල පහසුම් වෙනුවෙන් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල ඇ.ඩොලර් මිලියන 50 ක ආධාරයක්. 

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අවශ්‍ය පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමට සහ ඒවාට යන්ත්‍ර උපකරණ සැපයීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ සමස්ත වියදම ඇ.ඩොලර් මිලියන 60. ඒ සඳහා සහයක් ලෙසින් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50ක් පිරිනමා ඇත. අනෙක් මුදල වු ඇ.ඩොලර් මිලියන 10.70ක් වැය කෙරෙන්නේ ශ්‍රි ලංකා රජය මගිනි.

පසුගිය දශක දෙකක් තුල උපාක්‍රමිකව වැදගත් සංවර්ධන ව්‍යාපෘති ගනණාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහායන් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) ශ්‍රි ලංකාවට ලබාදී ඇත.