Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 3, 2018

ආසියානු යටිතල පහසුකම් ආ‍යෝජන බැංකුව තීරයක් - මාවතක් යෝජනාවට ආයෝජනය කරයි

ආසියානු යටිතල පහසුකම් ආ‍යෝජන බැංකුව එක් තීරයක් එක් මාවතක් යෝජනාව වෙනුවෙන් ඩොලර් බිලියන 5.3ක් ආයෝජනය කරයි.

එම බැංකු අධිපති ජින් ලී චියුන් මහතා අද (2) බෙයිජිංහිදී මේ බව ප්‍රකාශ කළේය. එක් තීරයක් එක් මාවතක් යෝජනාව සඳහා සහය දෙමින් ගෙවී ගිය වසර දෙක හමාර තුළ ඩොලර් බිලියන 5.3ක ආයෝජනයක් සිදු කර ඇතැයි හෙතෙම පැවසීය. තම බැංකුවේ සියලු ආයෝජන ව්‍යාපෘති එක් තීරයක් එක් මාවතක් සම්බන්ධ රටවල් හා කලාප වල සිදු කළ බවද හෙතෙම හෙළි කළේය.