Social Icons

facebookrss feedemailtwitter

Monday, July 9, 2018

සිංගප්පූරු සමුළුවේ මුල් දෙසුම අගමැතිගෙන්

සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් සමුළුවට සහභාගිවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

අද (9) ඇරඹෙන ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත. නාගරික සංවර්ධනය හා පරිසරය සුරැකීම මැයෙන් එම දේශනය පවත්වයි. මෙවර සමුළුවේ තේමාව වනුයේ නවෝත්පාදන සහ සහයෝගිතාව තුළින් අනාගතයට සුදුසු තිරසර නගර ඇති කිරීම ය.

මනා පරිපාලනය හා සැලසුම්කරණය, තාක්ෂණය සහ සමාජයීය නව නිපැයුම් මෙන්ම අනෙකුත් නගර සහ කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත්වීමට සුදුසු නගර නිර්මාණය කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත. මීට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජලසති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලටද අගමැතිවරයා සහභාගි වීමට නියමිතය.

අගමැතිවරයා මෙහිදී සිංගප්පූරු අගමැති ලී ශින් ලුං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ ඇමැති තර්මන් ෂන්මුගරත්නම්, හිටපු අගමැති ගෝ චෝක් තෙන් යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ මැති ඇමැතිවරු කිහිප දෙනෙකු හමුවීමටද නියමිතය.