Social Icons

facebookrss feedemailtwitter

Sunday, January 28, 2018

නිල් වත හැඳි කත

"නිල් වත හැඳි කත" නමැති සුප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ ආලේඛ්‍ය චිත්‍රය අමෙරිකානු ඩොලර් මිලියන 45 ක ඉහළ ලංසුවකට අළෙවිවේ. ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකදීය. මෙය පැබ්ලෝ පිකාසෝගේ පෙම්වතියක වන ඩෝරා මාර්ගේ සිතුවමක් බව පැවසේ. 1939 වසරේ දී පිකාසෝ මෙම නිර්මාණය සිදුකර ඇති බව සදහන්ය.
දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාව පැහැරගත් මෙම සිතුවම ප්‍රංශ හමුදාව යළි අත්පත්කර ගෙන තිබේ. මේ සිතුවම පිකාසෝගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැළකේ.