Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ආනයනයට හා අපනයනයට මහලේකම් කාර්යාලයක්

එතෙර මෙතෙර වෙළෙඳාමේ නිරත සැමට පහසුකම් සැළසීමේ මහ ලේකම් කාර්යාලයක් ළඟදීම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යාන්තර වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පිහිටුවීමට රජය සූදානම් වේ.
කොළඹ කොටුව ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පිහිටුවා තිබෙන කාර්යාලය මගින් ලබාදෙන සේවාවන් වඩාත් පුළුල්කොට නව මහලේකම් කාර්යාලයෙන් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යාන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සදහන් කර සිටී.

නිෂ්පාදන අපනයනය කරන පිරිසටත් ඒවා මිළදී ගන්නා විදේශීය පාරිභෝගික ජනතාවටත් සිය ගනුදෙනු විද්්‍යුත් ක්‍රමවේද හරහා පහසු කිරීම (e-Commerce) වැඩිදියුණු කිරීම මෙම මහලේකම් කාර්යාලය මගින් සිදු කෙරේ.