Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

2018 ලෝක පාපන්දු කුසලානය ජනපතිට පිළිගැන්වේ

ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය පසුගිය 24 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54 ක මහජන ප්‍රදර්ශණය සඳහා රැගෙන යන චාරිකාව් පළමු ගමනාන්තය ලෙස කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන එම විශේෂත්වයකි.
පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට ය. කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බව, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සදහන් කර සිටී. ඒ සදහා විශේෂ ගුවන් යානයක් භාවිත කර තිබිණ.

1998 වසරේ ලෝක කුසලානය දිනු ප්‍රංශයේ පා පන්දු කණ්ඩාමේ සාමාජිකයින් ද ඊට එක්ව සිටියහ.