Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

හොඳම පාසල වැඩසටහනට රුපියල් මිලියන 2,700 ක්

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ හඳුනාගත් පාසල් සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් මෙම වසරේ ගත වූ පළමු සති දෙක තුළ රුපියල් මිලියන 2700ක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2016 වසරේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පසුගිය වසර අවසන් වන විට සංවර්ධන ව්‍යාපෘති 7296 ක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවය.
පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 190 කි. පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය මේ යටතේ සිදු කෙරේ. මේ යටතේ ජාතික පාසල් 282ක් සහ පළාත් පාසල් 9063ක් ආවරණය කිරීමට නියමිතය.

ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීමේ ජාතික අවශ්‍යතාවය සාක්ෂාත් කිරීම සඳහා අංග සම්පූර්ණ පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත මෙහි අරමුණ වේ