Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ලංකාව සංචාරයට ආරක්ෂිතයි - අමෙරිකාව පවසයි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ සංචාරක සුරක්ෂිතතාව ඉහළම අගයක පවතින බව පවසයි. මට්ටම් 4 ක් යටතේ ලොව රටවල සංචාරක සුරක්ෂිතාව අනුව වර්ගීකරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව එහි පළමු මට්ටමට අමෙරිකාව පියවර ගනී. එම කාණ්ඩයට අයත් රටවල සංචාරය කිරීමේදී විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු නැත.
පළමු කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ස්වීඩනය, ස්විස්ටර්ලන්තය සහ බෘනායි රාජ්‍යයන් ඇතුළත් කර තිබේ. බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය එම වර්ගීකරණයට අනුව දෙවන කාණ්ඩයට අයත් රටවල් වේ.