Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

රජයේ සේවකයින්ගේ මූලික වැටුප හා තුන්වැනි අදියර

වසර 2016 සිට වසර 2020 දක්වා වාර්ෂිකව අවමය 2500 බැගින් අදියර හතරකින් රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ අදියරේ තුන්වැන්න ආරම්භ කරන බව, මහා භාණ්ඩාගාරය සදහන් කර සිටී. වසර 2015 ජනවාරි 08 වැනි දින බලයට පත් සම්මුතිවාදී ජාතික රජය විසින් ලක්ෂ 14ක් වන රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කෙළේය.
ඒ අනුව, මූලිකව රුපියල් 2500 ක මුදලක් රාජ්‍ය සේවක මූලික වැටුපට එක් නොකොට අතුරු දීමනාවක් ලෙස ලබා දෙන ලදී.  2016 වසරේ සිට එය මුදල මූලික වැටුපට එක් කරන ලදී. ඒ අනුව මේ වසරේ (2018) පළමු දින සිට රාජ්‍ය සේවක මූලික වැටුපට රුපියල් 2500 ක මුදල එක්වන්නේ තුන්වැනි අදියර ලෙසය.