Social Icons

facebookrss feedemailtwitter

Sunday, January 21, 2018

රියදුරන් රහිත තනි පීල්ලේ දුම්රිය සේවාව

චීනයේ පළමු වැනි රියදුරන් රහිත තනි පීල්ලේ දුම්රිය සේවාව යින් චුවාන් නගරයේ දී ආරම්භ විය. “යුන්ගුයි” නමින් හඳුන්වන මෙම සේවාව චීනයේ ස්වයං නිෂ්පාදන පද්ධතියක් වේ. මේ ව්‍යාපෘතිය චීනයේ බී.වයි.ඩී.මෝටර් රථ නිෂ්පාදන සමාගම සහ හුවාවෙයි සමාගම විසින් ඒකාබද්ධව සිදු කළ නිෂ්පාදනයකි. එය සුළු හා මධ්‍ය ප්‍රවාහන ධාරිතාවක් සහිත දුම්රිය සේවාවක් ලෙස හැඳින් වේ.
මිනිස් මුහුණු හඳුනා ගැනීම, විදුලි බලය හදිසියේ ඇණ හිටින අවස්ථාවලදී ද විධිමත්ව ධාවනය සහතික කිරීම, දුම්රිය එකිනෙකට සුරක්ෂිත දුර ප්‍රමාණයක් අනුව පවත්වා ගෙන යාම යනාදි කාර්යයන් මෙම නව දුම්රිය සේවාවට සිදු කළ හැකිය.