Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

ඉරානයට විරුද්ධව ඊශ්‍රායලයෙන් චෝදනා

ඉරානය තම රටට එරෙහිව ලෙබනනයේ මිසයිල ‍තොග රැස් කරමින් සිටින බවට ඊශ්‍රායලයෙන් චෝදනා. ඉරානයේ මෙම ක්‍රියාවට දැඩිව විරෝධය පළ කරමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා අවධාරණය කරන්නේ, ඊට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය. රුසියාවේ සංචාරයක නිරත වීමට පෙර ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

සංචාරයේදී රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටීන් මහතා හමු වී මේ පිළිබදව මෙන්ම ලෙබනනයේ හමුදා ශක්තිය වැඩි කිරීමේ සිරියානු උත්සාහය පිළිබදව ද දැනුවත් කිරීමට කටයුතු කරන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

සිරියාවේ කටයුතු වලට ඉරානය මැදිහත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය අවස්ථා කිහිපයකදී අමෙරිකාව හා රුසියාව දැනුවත් කර ඇත. රුසියාව, සිරියාවේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව අවස්ථා කිහිපයක් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා හා රුසියානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.