Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ශ්‍රී ලංකාවේ දකුණු දුම්රිය මාර්ගයේ පළමු අදියර ඇරඹේ

චීනය විසින් ඉදි කරන ශ්‍රී ලංකාවේ දකුණු දුම්රිය මාර්ගයේ පළමු අදියර ඇරඹේ. ඒ අනුව, මාතර - කතරගම දුම්රිය සේවාව දීර්ඝ කෙරේ. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිවයිනේ දකුණු ප්‍රදේශයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කෙරේ. ඉදිරි මාස කිහිපයේ දී පළමු අදියරේ ඉදිකිරීම් නිම කර එහි ප්‍රතිලාභ මහජනතාවට සහ සංචාරකයින්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.
මේ සඳහා චීනයේ EXIM බැංකුව විසින් සහනදායී ණය ක්‍රමයකට අනුව මුදල් ලබා දේ. චීනයේ ජාතික යන්ත්‍රෝපකරණ ආනයන හා අපනයන සංස්ථාව (CMC), ශ්‍රී ලංකා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය සමඟ එක්ව ඉදිකිරීම් සිදු කෙරේ.

1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක දුම්රිය ව්‍යාපෘති අතර පළමු හා නව දුම්රිය මාර්ගය වන්නේ මෙම මාතර - කතරගම දුම්රිය ව්‍යාපෘතියය. විවිධ අවස්ථාවල මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට උත්සහ කළ ද එය ක්‍රියාවට නැංවිය නොහැකි විය.